(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පොතුවිල් අරුගම්බේ ප්‍රදේශයේ පිහිටි හෝටලයකින් දිවා ආහාර ගෙන ඒ සඳහා රුපියල් පන්සීයක 500 ක මුදලක් නොගෙවූ බව කියමින් ස්වීඩන් ජාතික සංචාරකයෙකුට පොල්ලකින් සහ අතින් පයින් පහර දුන් බව කියන එම හෝටලයේ අයිතිකරු හා තවත් අයෙකු පොතුවිල් පොලිසිය විසින් ඊයේ 19 වැනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ
මෙම ස්වීඩන් ජාතික ස්විඩන් ජාතිකයා උදෑසන ආහාරය ලබාගෙන ඒ වෙනුවෙන් රුපියල් 500ක මුදලක් නොගෙවා මගහැර සිටියදී හෝටලය අසලින් ගමන් කරන අවස්ථාවේඔහු දැක මෙම පහරදීම සිදු කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය
පහරකෑම් වලින් බේරීමට මාර්ගය හරහා දිව යද්දී කාර් රථයක ගැටීමෙන් මෙම ස්වීඩන් ජාතිකයා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවෙයි
මෙමහෝටලයෙන් උදෑසන ආහාරය ලබා ගැනීම වෙනුවෙන් රුපියල් පන්සීයක මුදල ගෙවීමට ශ්‍රී ලංකා මුදල් නෝට්ටු නොතිබූ නිසා එම මුදල ගෙවීමට නොහැකි වූ බව ස්වීඩන් ස්වීඩන් ජාතිකයා පොලීසියට පවසා ඇතැයි කියති
මෙම ස්වීඩන් ජාතිකයන් සතුව තිබූ රුපියල් 302,300ක් වටිනා ජංගම දුරකතනය සහ ශ්‍රී ලංකා මුදලින් රුපියල් 99,000වටිනා යුරෝ 300ක් ද කොල්ල කා ඇති බව ඔහු පොලිසියට පැමිණිලි කර ඇත
නැගෙනහිර පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණය යටතේඅම්පාර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායක මහතාගේ උපදෙස් මත pottuvil පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි

