දිගු නිවාඩුව ගතකිරීමට නුවරඑළියට මහ පිරිසක් පැමිණ සිටිති. මේ හේතුවෙන් නුවරඑළියේ දැඩි රථ වාහන තදබදයක් පවතින අතර එහි හෝටල් කාමර හා නිවාඩු නිකේතන පවා පිරී ගොස් නවාතැන් පහසුකම් සොයාගත නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි ද හෝටල් සේවකයෝ කියති.
කෑම ගන්නා ආපන ශාලාවල ද විශාල වශයෙන් දේශීය සංචාරයකයන් මෙන්ම විදෙස් සංචාරකයන් ද රැදී සිටිනු දක්නට ලැබිණි.





