සංචාරකයකුගේ මුදල් සොරාගත් තරුණයෙක් මාට්ටු


(සුමිත් පොතුපිටිය)

වස්කඩුව සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටී විදේශීකයකුගේ මුදල් සොරකම් කළ පුද්ගලයකු අද (15) පස්වරුවේ අත්අඩංගුවට ගත්  කළුතර උතුර පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 29 හැව්රිදි තරුණයෙකි.  ඔහු සොරකම් කළ මුදලින් කොටසක් නිවසේ මෙට්ටයක් අස්සේ සගවා තිබියදී සොයාගත් බව පොලිසිය පැවසීය.

මන්ගේෂ් හර්ෂන් පටේල් නැමැති 47 හැව්රිදි ඉන්දියන් ජාතිකයකු කළ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සංචාරයක් සදහා පසුගිය 12 දා දිවයිනට පැමිණ හෝටලයේ නවාතැන් ගෙන සිටියදී කාමරය තුල ගමන් මල්ලේ තිබූ ඇමරිකන් ඩොලර් 259 ක්, ඉන්දියන් රුපියල් 500 ක් සහ ලංකා රුපියල් 17,000 ක් සොරකම් කර ඇති බව සදහන් වේ.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .