සංචාරක පොතේ කොළඹ හතරට එතේ


විදෙස් සංචාරකයින් වෙනුවෙන් වේගයෙන්ම වර්ධනය වන ලොව සිව් වැනි නගරය බවට මෙරට කොළඹ නගරය පත්ව ඇති බව 2016 මාස්ටර් කාඩ් ගෝලීය ගමනාන්ත නගර දර්ශකය විසින් නිකුත් කළ නවතම වාර්තාව දක්වයි.

ජනප්‍රිය විදෙස් සංචාරක නගර 132ක් මුල් කර ගනිමින් සැකසූ මෙම ගමනාන්ත නගර දර්ශකයේ සිව්වන ස්ථානය කොළඹට හිමිව ඇති අතර මේ වසරේ විදේශකයින් පැමිණිම සියයට 19.57 කින් වර්ධනය වී ඇති බව ද “නිව් ඉන්දියන් එක්ස්ප්‍රස්“ පුවත් සේවය වාර්තා කරයි.

පළමු ස්ථානය ජපානයේ  ඔසාකා නගරයට හිමිව ඇති අතර එය සියයට 24.15ක් වෙයි.දෙවන ස්ථානය චීනයේ  ෂෙන්ග්ඩු නගරයට  හිමිව ඇති අතර එහි විදේශකයින් පැමිණීමේ ප්‍රතිශතය සියයට 20.14ක්  බව සඳහන්ය.තෙවන ස්ථානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයට හිමිව ඇති අතර එහි විදේශකයින් පැමිණීමේ ප්‍රතිශතය සියයට 19.81කි.විදේශකයින් පැමිණීමේ ජනප්‍රිය නගර දහය අතර නගර 07ක් ම ආසියාවේ ය.