සංචාරක ගයිඩ්ට ඇප
බලපත්‍රයක් නොමැතිව සංචාරක මඟ පෙන්වන්නකු ලෙස ක්‍රියා කළැයි තිළිණ මධුසංක නම් පුද්ගලයකු රුපියල් පනස්දහසක ඇප මත මුදා හරින ලෙස මාතර කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කෙළේය. ජර්මන් යුවළකට මඟපෙන්වමින් සිටිය දී අත්අඩංගුවට ගත් ඔහු වරද පිළිගත්තේය.

