සංචාරක කඩඉම ලක්ෂ 15 පන්නයි


වසරක් තුළ දිවයිනට පැමිණි පහලොස් ලක්ෂ වැනි සංචාරකයා ලෙස ජර්මන් ජාතික ටොරෙන්ස් ජෙමී මහතාව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සේද මාවතේදී ඊයේ(28) දහවල් හරසරින්  පිළිගනු ලැබිණි.

ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 558 දරණ ගුවන් යානයෙන් බිරිඳ සමග ඔහු දින 21 ක සංචාරයක් සඳහා ආවේය.

එහිදී ශ‍්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ කළමනාකාර අධ්‍යක්ෂක රූම් ජවුෆර් මහතා ඇතුළු නිලධාරීන් විසින්  ඔවුන් දෙපළ පිළිගෙන  ත්‍යාග පිරිනමනු ලැබීය.

මෙය ශ‍්‍රී ලංකා සංචාරක ඉතිහාසයේ වැඩිම සංචාරක පිරිසක් පැමිණි අවස්ථාවයි.

2 3