තම දීමනා වැඩි කර දෙන ලෙස ඉල්ලමින් සංචාරක රිදුරු මාර්ගෝපදේශක සංගමයේ හා අනුබද්ධිත සංගම්වල පන් දහසක් පමණ සාමාජිකයන් බ්‍රහස්පතින්දා (21) වැඩ වර්ජනය කරන බව එම සංගමයේ ප්‍රකාශකයෙක් කියයි.
කළක් තිස්සේම තමනට සංචාරක සමාගම්වලින් කළ ගෙවීම් සොච්චමක් බව කියන ඔවුහු සංචාරකයන්ගෙන් උපයාගන්නා මුදලින් සාධාරණ කොටසක් තමනට ගෙවන ලෙස ද ඉල්ලති.