කෑගල්ල, යටියන්තොට, බුලත්කොහුපිටිය නෙව්ස්මියර් හි උඳුගොඩ සූරියමල්ගම සිරි ධම්මරතන බෞද්ධ මධ්‍යස්ථානය දැඩි සේ අබලන්ව ඇති බව බෞද්ධ මධ්‍යස්ථානාධිපති වෑබඩ ධම්මාලංකාර හිමියෝ පවසති.
දැනට නේවාසික භික්ෂූන් 7 නමක් පමණ වැඩ වසන වසර 100කට වඩා පැරැණි සංඝාවාස ගොඩනැගිල්ලේ ඇති ටකරන් දිරාපත්ව ඇති බවත් වැසි දිනවල ඒ තුළට ජලය ගලාඑන බවත් එම ගෘහයේ ගෙබිම, දොර ජනෙල් ආදියද දිරාපත්ව ඇතැයි උන්වහන්සේ පෙන්වා දෙති.
දිළිඳු ජනතාවක් වෙසෙන විහාරස්ථානය පිහිටි ගම්මානයේ වැසියන්ටද ඒ සඳහා උදව් උපකාර කිරීමට අපහසු බවත් දැනට ඇස්තමේන්තු ගත කර ඇති ආකාරයට රුපියල් විසිපන් ලක්ෂයකට අධික මුදලක් මේ සඳහා වැයවන බවත් ධම්මාලංකාර හිමියෝ කියති.
මේ පිළිබඳ වැඩි විස්තර 0718370163 / 077 6611376 යන විහාරස්ථානයේ දුරකථන අංක ඔස්සේ ලබාගත හැකිය.





