සංඝරත්නයට දබරඟිල්ල


විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයන්ට විදේශයන්හිදී සිදුවන අතවර හා ඔවුන් සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශ නිලධාරීන් අනුගමනය කරන පිළිවෙත ගැන සාකච්ඡා කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යංශයට ගිය රාවණා බලය සංවිධානයේ ඉත්තෑපානේ සද්ධාතිස්ස හිමි ඇතුළු මහා සංඝරත්නයට දෝෂාරෝපණය කරන ස්වරූපයෙන් දබරගිල්ල දික්කරමින් එහි සභාපති අමල් සේනාධිලංකාර මහතා කතා කළේය.

සේනාධිලංකාර මහතා කීවේ සාකච්ඡා කිරීම සඳහා වෙනත් දිනයක් යොදාගෙන එන ලෙසයි.

සාකච්ඡාවට දිනයක් ලබා ගැනීමට කිහිප අවස්ථාවක් දුරකතන ඇමතුම් ගත්තත් එහි නිලධාරීන් සභාපතිට යොමු නොකළ බව රාවණා බලකායේ හිමිවරු කීහ.

සභාපති - ‘අපිත් හොඳ බෞද්ධ පවුල්වල මිනිස්සු. අපි හොඳ සේවයක් කරනවා. මං කාගෙන්වත් සතපහක් අරගෙන නෑ. ‘

රාවණා බලය - ‘නමට බෞද්ධයෙක් වෙලා වැඩක් නෑ. මේකේ සමහර නිලධාරීන් මුදලට යටවෙලා. ඇයි සාකච්ඡා කරන්න බැරි? ඇයි මාධ්‍යයට බයද?‘

හිමිවරු හා සභාපති අතර විනාඩි කිහිපයක් උණුසුම් වචන හුවමාරුවක් සිදුවූ අතර ඉන් පසු සභාපති පිටවී ගියේය.

සභාපතිගේ කාමරයෙන් එළියට පැමිණි රාවණා බලය තමන් ගෙන ආ ලිපියේ පිටපත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය මහතාට ලබා දුන්නේය.

රාවණා බලය - සමහර ඒජන්සි අහිංසක මිනිසුන්  විකුණනේ එකනේ කරන්නේ. සමහර ඒජන්ති තියෙනවා එකම පරම්පරාවේ.

රන්දෙනිය මහතා - ඔව් ප්‍රශ්න තියෙනවා. ඒවා කතා කරන්න පුළුවන්.

රාවණා බලය - මේකේ ඉන්න අය හම්බ කරන හැටි, දේශපාලනය කරන හැටි අපි දන්නවා. ජනාධිපතිතුමා  ‘කන්නේ‘ එහෙම අය තමයි.

 

_DSC0393 _DSC0411 _DSC0420 _DSC0447 _DSC0457 _DSC0466