ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී මාර්තු අගදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කිරීමට යන යෝජනා ශ්‍රී ලංකාවට හිතකර ලෙස ඉදිරිපත් කිරීමට ඇමෙරිකාව ඇතුළු බලධරයනට අදහස් පහළවේවා පතමින්, ගංගාරාම විහාරයේ සිට කොළඹ කොල්ලුපිටියේ ඇමෙරිකා තානාපති කාර්යාලය ඉදිරිපිටට පෙරහරකින් ගොස් අද සවස පොල් ගැසූහ. ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ඥාණිස්සර කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය ඇමෙරිකා තානාපති කාර්යාලයට සංදේශයක් ද බාර දුන්හ. මහා සංඝරත්නය අලි ඇතුන් පෙරටුකොට එම පෙරහරේ ගමන් ගත්හ.

