සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අපවත් වී වාදල අග්ගමහා පණ්ඩිත සාහිත්‍යසූරි බෙල්ලන ශ්‍රී ඤාණවිමල හිමියන්ගේ ආදාහන පුජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද (07) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රය අසල ක්‍රිඩා අමාත්‍යංශ ක්‍රිඩා භුමියේදී සිදු කෙරිණි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, අග්‍රමාත්‍ය දී.මූ.ජයරත්න ඇතුළු මැති ඇමතිවරුන්ද, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ විපක්ෂයේ නියෝජිතයන්ද ගිහි පැවිදි අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙය සිදු කෙරිණි. කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයේ සිට රන්සිවිගෙයක තැම්පත් කළ දේහය නිදහස් චතුරස්‍රය වෙත රැගෙන ආවේ ත්‍රිවිධ හමුදාවේ ගෞරව සහිත රිය පෙරහැරකිනි.








