කරාපිටියේ පිළිකා ප්‍රතිකාර ඒකකයක් ඉදි කිරීම සඳහා ආධාර එකතු කිරීමට යාපනයේ පේදුරුතුඩුවෙන් ඇරැඹි ‘තරණය‘ පාගමන දින 28කට පසු අද මාතර දෙවුන්දර තුඩුවෙන් අවසන් විය.
එම ප්‍රතිකාර ඒකකය සඳහා අවශ්‍ය රුපියල් කෝටි 75න් රුපියල් කෝටි 40ක් පාගමනේ දී එකතු වී තිබිණි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන එහි සන්නාම තානාපතිවරු ලෙස කටයුතු කරති.
අද පාගමන පිළිගැනීම සඳහා දෙවුන්දර ප්‍රදීපාගාරය අසල දී නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ඇතුළු පිරිසක් ද එක්වූහ.




