කොළඹ සී.ආර් ඇන්ඩ් එෆ් .සී ක්‍රීඩාංගනයේ ඉකුත් දා පැවති ලෝ ප්‍රකට ගායක ශිල්පී එන්රිකේ ඉග්ලීෂියස් ගේ ප්‍රසංගය නැරඹීමට වී.අයි.පී ටිකට්පත් වලට හිමි කිසිදු වරප්‍රසාදයක් නොදීමෙන් සිදුවූ මානසික හා ශාරීරික පීඩාව වෙනුවෙන් රුපියල් දෙකෝටි විසිලක්ෂයක් වන්දියක් වශයෙන් ලබා දෙන්නැයි ඉල්ලා පැවරූ පැමිණිලි දෙක සම්බන්ධයෙන් ලබන අප්‍රේල් 26 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ දිසා අධිකරණය විසින් ඊයේ (02) එම ප්‍රසංගය සංවිධානය කල සමාගමට නොතීසි නිකුත් කළේය.
මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර එම සමාගයේ සම අධ්‍යක්ෂකවරුන්ය.
කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය හමුවේ මෙම පැමිණිල්ල කැඳැවිණි.
නීතීඥ හිෂාන් ප්‍රේමරත්න මහතා සහ ඔහුගේ බිරිඳ එම ප්‍රසංගය සංවිධානය කළ ලයිව් ඉවෙන්ට් අයතනයට එරෙහිව මෙම පැමිණිල්ල ගොනු කළහ.
ඔවුන් ඉකුත් දෙසැම්බර් 20වැනි දා පැවත්වු එම ප්‍රසංගය නැරඹීමට රුපියල් 35000 වි.අයි.පී ටිකට් පත් මිලදී ගත් බවත්,නමුත් ගිවිස ගත් පරිදි එම තමා මිලදී ගත් ටිකට් පතට කිසිදු පහසුකමක් නොලැබු බවත් කියා සිටි.එහිදි යම් යම් අශෝබන සිද්ධී වූ බවත් ඉන් තමන්දැඩි අසහනයට පත් වූ බවද පැමිණිලිකරුවෝ කියති.

