මාස දෙක හමාරක කාලයක් තරගකාරී කි‍්‍රකට් පිටියෙන් ඉවත්ව සිටියද පිතිකරුවකු වශයෙන් තමන් සතු නිපුණතාවේ කිසිදු අඩුපාඩුවක් නොමැති බව මොනවට පසක් කළ කුමාර් සංගක්කාර බංග්ලාදේශයට එරෙහිව ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ඊයේ (8 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී අති විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 142 ක් ලබාගත්තේය. සංගක්කාරගේ මෙම ඉනිම නිසා ඊයේ සවස තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුලූ 3 ක් දැවී ලකුණු 361 ක් ලබා ඉතාමත් ප‍්‍රබල තත්ත්වයක සිටියේය.
ඕස්ට්‍්‍රලියානු පිලට එරෙහිව පසුගිය දෙසැම්බර් මාසයේ, මෙල්බර්න් නුවරදී පැවැති ටෙස්ට් තරගයේදී ඇගිල්ලේ පන්දුවක් වැදීම නිසා සති 10 ක කාලයක් පුරා කි‍්‍රකට් පිටියෙන් ඉවත්ව සිටි සංගක්කර කිසිදු තරග පුහුණුවකින් තොරව සහභාගි වූ පළමු ඉනිමේ පළමු පන්දුවටම අලංකාර ස්ක්වෙයාර් කට් පහරක් ගසමින් එය හතරේ සීමාව කරා පිටත්කර හැරියේය. අනතුරුව බංග්ලාදේශ පන්දු යවන්නන්ට රිසි සේ පහර දුන් සංගක්කාර සිය අර්ධ ශතකය ලබාගත්තේ සදාත් හොසේන්ගේ පන්දුවක් හතරේ සීමාවට යවමිනි.
ඉතා අලංකාර ඩ‍්‍රයිව් පහර කිහිපයක්ම ‘එක්ස්ට‍්‍රා කවර්ස්’ කලාපය හරහාත්, පුල් පහර කිහිපයක්ම ‘මිඞ් විකට්’ කලාපය හරහාත් යැවූ සංගක්කාරගේ පුනරාගමනය ආශ්වාදජනක වූ නමුත් එය සියැසින් දැකගන්නට වැඩිපුර සිටියේ පාසල් දරුවන් පිරිසක් පමණි.
ශී‍්‍ර ලංකාවේ වැඩිම ටෙස්ට් ශතක ලාභියා වන මහේල ජයවර්ධන සතු ටෙස්ට් ශතක 31 වාර්තාව සමකළ සංගක්කාර බංග්ලාදේශ පිලට එරෙහිව ටෙස්ට් ලකුණු 1000 ක් ඉක්මවා ලබාගත් පළමු ශී‍්‍ර ලාංකිකයාද විය.
පැය හතරකට ආසන්න කාලයක් පුරා පන්දු 226 කට මුහුණ දීසංගක්කාර දැවී යන විට හතරේ පහර 12 කින් සහ අලංකාර හයේ පහර තුනකින් සිය ඉනිම සරසා තිබිණ.
ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් සුපුරුදු පිතිහරඹයේ යෙදෙමින් ලකුණු 54 ක් ලබාගත් නමුත් උඩපන්දුවක් රැකගැනීම නිසා දැවීගිය මොහොතේ දැඩි කණගාටුවට පත්විය. දිගු ඉනිමකට සූදානම් වී සිටි ඩිල්ෂාන් සිය ඉනිමේ සන්ධිස්ථාන පසුකරන සෑම අවස්ථාවකදීම විශාල පහර කරා යාමට උත්සක වන අතර ඊයේ ඔහුගේ දැවීයාමට හේතු වූයේද එම ප‍්‍රවණතාවයි.
බංග්ලාදේශ පන්දු යවන්නන් අතර ශී‍්‍ර ලංකා පිතිකරුවන්ට තරමක් හෝ අභියෝගයක් වූයේ කඩුලූ 3 ක් දවාගත් සොහාග් ගාසි පමණි. සෙසු පන්දු යවන්නන්ගේ පන්දුයැවීම ඉතාමත් දුර්වල මට්ටමක පැවතිණ.
කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවකු වන වමත් පිතිකරු කිත්රුවන් විතානගේ ඊයේ සිය ටෙස්ට් හිස්වැස්ම හිමිකරගත් අතර ඔහුගේ ටෙස්ට් හිස්වැස්ම ඊයේ පෙරවරුවේදී ශී‍්‍ර ලංකා පිලේ කළමණාකරු මයිකල් ද සොයිසා මහතා විසින් පිරිනමන ලදි.
ලකුණු පුවරුව:
ශී‍්‍ර ලංකාව - පළමු ඉනිම
දිමුත් කරුණාරත්න - ක.මු.කළා ප.සොහාග් ගාසි 41
තිලකරත්න ඩිල්ෂාන් - ඇ. මොමිනුල් හක් ප. ප.සොහාග් ගාසි 54
කුමාර් සංගක්කාර - ඇ.ඉස්ලාම් ප.සොහාග් ගාසි 142
ළහිරු තිරිමාන්න - නොදැවී 74
ඇන්ජලෝ මැතිව්ස් - නොදැවී 25
අතිරේක 25
එකතුව ඕවර 85.3 කදී කඩුලූ 3 ක් දැවී 361
කඩුලූ වැටීම:
1-114(ඩිල්ෂාන්), 2-181(කරුණාරත්න), 3-305(සංගක්කාර)
පන්දුවට පහර දීමට සිටින පිතිකරුවෝ:
දිනේෂ් චන්දිමාල්, නුවන් කුලසේකර, කිත්රුවන් විතානගේ, සමින්ද එරංග, රංගන හේරත් සහ අජන්ත මෙන්ඩිස්
පන්දු යැවීම:
සදාත් හොසේන් : 13-1-60-0, අබු හසන් : 14.3-1-66-0, සොහාග් ගාසි : 31-3-101-3, එලියස් සනී : 14-0-60-0, මොහොමඞ් අශ්රාෆුල් : 4-0-23-0, මහමුදුල්ලා : 9-1-34-0
බංග්ලාදේශ කණ්ඩායම
අනමුල් හක්, ජහුරුල් ඉස්ලාම්, මොහොමඞ් අෂ්රාෆුල්, මහමුදුල්ලා, මුෂ්ෆිකුර් රහමන්, නසීර් හොසේන්, මොමිනුල් හක්, අබුල් හසන්, සොහාග් ගාසි, එලියස් සනි සහ සදාත් හොසේන්
(ඡයාරූප: ශාන්ත රත්නායක)