සංගක්කාර හා මහේල කනගාටුව පළ කරති


එරිකේ ඉග්ලීෂියස් නම් ස්පාඤ්ඤ ගායකයා මෙරටට ගෙන්වා පැවැත් වූ ප්‍රසංගය සඳහා සහභාගී වූ පිරිසට සිදු වූ අපහසුතාවය ගැන ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයන් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර යන මහත්වරු ෆේස්බුක් ඔස්සේ කනගාටුව ප්‍රකාශ කරති.

ඔවුන් දෙපළට අයත් සමාගමකින් එම ගායකයා මෙරටට ගෙන්වා තිබුණි.

එම ප්‍රසංගය නැරඹීම සඳහා සහභාගී වූ පිරිසට එම අවස්ථාවේදී මහත් අපහසුතා රාශියකට මුහුණ දීමට සිදු වී ඇති බව වැර්තා වුණි.

කෙසේ වෙතත් එම අවස්ථාවේ දී අදාළ ප්‍රසංගය සඳහා සහභාගී වූ පිරිසට සිදු වූ අපහසුතාව සම්බන්ධයෙන් තමන් කනගාටු වන බව ද ඔවුන් ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇත.

විනෝද බදු ද අඩුවෙන් ගෙවී යැයි කොළඹ නගර සභාව කියයි. මේ අතර කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන පවසනුයේ කොළඹ නගර සභාවට ගෙවිය යුතු මුදල් සඳහා සියලු තොරතුරු ඉදිරිපත් කරන බවයි. නගර සභාව පවසනුයේ රුපියල් 35000 ටිකට් වැඩියෙන් මුද්‍රණය කර අඩුවේන පෙන් වූ බවක් පෙනෙන බවයි.

විනෝද බදු වශයෙන් රුපියල් 6,400,000 ක් ගෙවා ඇතත් ටිකට් අලෙවිය අනූව තවත් රුපියල් 29,100,000 ක් කොළඹ නගර සභාවට ගෙවීමට ඇති බවත් නගර සභා ආරංචි කියයි. මේ අතර මහේල හා සංගක්කාර කියනුයේ කනගාටුව පළ කිරීමෙන් හෝ ටිකට්පත් මුදල් ආපස් ගෙවීමේන හෝ ප්‍රේක්ෂකයන්ට සිදු වූ දොම්නස හො කළකිරීම මුළුමනින්ම පහව නොයන බවයි.

ප්‍රසංගය නැරඹීමට අධි මිල ටිකට් ගත් නරඹන්නවුනට කණගාටුව පළ කිරීම ප්‍රමාණවත් නොවන හෙයින් අපට සිදු වන මූල්‍යමය අපහසුව නොසලකා සුදුසු පරිදි අලාභය ගෙවීමට සංවිධායකයන් එකඟත්වය පළ කර ඇතැයි ද  ඔවූහු කියති. ඔබටත් රටටත් ඔබ සියලු දෙනාටත් අප මුළුමනින්ම ඇපකැප වන බවත් කනස්සල්ට හේතු වු සියලු කාරණා ගැන සොයා බැලීමට දැන් පූර්ණ අභ්‍යන්තර පරීක්ෂණයක් සුදු කෙරෙන බවත් සංගක්කාරගේ හා මහේලගේ ෆේස්බුක් වෙබ් අඩවියේ කියයි.

ලොව ධනවත්ම ගායකයා එන්රිකේ (එරිකේ) බවත් ඔහු සතු ධනය ඇමරිකා ඩොලර් කෝටි 8.5 ක් (රුපියල් කෝටි 1220) බවත් ‘ද රිචඩ්ස් ‘වෙබ් අඩවිය කියයි.

2014 දී ඔහුගේ වත්කම් අතර මියාමි වෙරළේ ඉදිකළ මහා මන්දිරය අයත්වේ. එහි වටිනාකම ඇමරිකා ඩොලර් දෙකෝටි හැට ලක්ෂයකි. (රුපියල් 3,7339,63703)

ඔහුගේ සෙකස් ඇන්ඩ් ලව් ප්‍රසංග මගින් ඉපැයූ ඇස්තමේන්තුගත මුදල ඇමරිකා ඩොලර් 480000කි. (රුපියල් 6,8934,714)

Kumar-sangakkara-photo ad-strikers-mahela

enrique-iglesias

600

IMG_4221