ආබාධයකට ලක්ව සිටින කුමාර් සංගක්කාර මාතරදී පැවැත්වෙන තුන්දින තරගයට ක‍්‍රීඩා කිරීමට සූදානමින් සිටින බවත් මහේල ජයවර්ධනට ටෙස්ට් තරගාවලිය අහිමි වන බවත් ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ මස 8 වැනිදා ගාල්ලේදී ආරම්භ වන ටෙස්ට් තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා කොළඹදී අද (28) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඇන්ජලෝ මැතිව්ස් මෙසේ ද පැවසීය.
‘‘සංගක්කාර මේ වන විට සුවය ලබමින් සිටිනවා, ඔහු තුන්දින තරගයට ක‍්‍රීඩා කිරීමට සුදානමින් ඉන්නවා, ටෙස්ට් තරගාවලියටත් ක‍්‍රීඩා කරයි. මහේලට ටෙස්ට් තරගාවලිය සම්පූර්ණයෙන්ම අහිමි වෙනවා. මහේලගේ ආබාධිත තත්ත්වය පිළිබඳව කණ්ඩායමේ භෞතචිකිත්සකවරයා සෑම විටම අවධානයෙන් ඉන්නවා, එක්දින තරගාවලියට සහභාගි වීම පසුව තීරණය කරයි’’
කුමාර් සංග්කකාර පසුගිය ඕස්ටේ‍්‍රලියානු සංචාරයේදී ද, මහේල ජයවර්ධන අන්තර් සමාජ පළමු පෙළ තරගාවලියේදී උඩ පන්දුවක් රැුකගැනීමට යෑමේදී ද, ආබාධයන්ට ලක්වූහ.
ඡායාරූප - ශාන්ත රත්නායක