එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ ඉතිහාසයේ එක පෙළට ශතක හතරක් වාර්තාකළ ලොව එකම ක්‍රීඩකයා වශයෙන් ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර අද (11) ලෝක වාර්තාවක් පිහිටවීය.
මෙය ලෝක කුසලාන තරඟාවලි ඉතිහාසයේද නව වාර්තාවක් වන අතර මීට පෙර එක පෙළට ශතක තුනක් ලබාගෙන සංගක්කාර වාර්තාව පිහිටුවා තිබිණි.
අද ස්කොට්ලන්තය සමග පැවැත්වෙන තරඟයේදී ශතකයක් ලබාගනිමින් ඔහු මේ දස්කම දැක්වීය.
මීට පෙර පකිස්ථානයේ සහීර් අබ්බාස්, සහීඩ් අන්වර්, නවසීලන්තයේ රොස් ටේලර්, දකුණු අප්‍රිකාවේ ඒ.බී.ඩිවිලියර්ස් සහ ක්වන්ටම් ඩී.කොක් යන ක්‍රීඩකයන් පිට පිට ශතක තුනක් ලබා තිබුණි.
කුමාර් සංගක්කාර අද තරඟයේදී ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම දවාගැනීම් සංඛ්‍යාවකට දායකවූ කඩුළු රකින්නා බවටද පත් වෙමින් තවත් ලෝක වාර්තාවක් තැබීමට සමත්විය. ඔහු තරඟ 36 කදී දවාගැනීම් 54කට දායකවී මෙම වාර්තාව පිහිටවීය. මීට පෙර ඕස්ට්‍රේලියාවේ හිටපු කඩුළු රකින්නකුවූ ඇඩම් ගිල්ක්‍රිස්ට් දවාගැනීම් 52 කට දායක වෙමින් වාර්තාව පිහිටුවා තිබුණි.


