සංගක්කාර 33 වැනි ශතකය රැස්කරයි


බංග්ලාදේශ පිලට එරෙහිව කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද (17) ශ්‍රී ලංකා පළමු ඉනිමේදී ශතකයක් රැස්කරමින් කුමාර් සංගක්කාර පිට පිටම තෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය. මෙම ශතකය සංගක්කාරගේ 33 වැනි ටෙස්ට් ශතකය වේ.

ඡයාරූපය: ශාන්ත රත්නායක