සංඛගේ 'රෑ සිහිනෙන් මා'


2017-01-13-ent-60

 

2016 පැවැති "දෙරණ මියුසික්" සම්මාන රාත්‍රියේ වසරේ හොඳම මියුසික් වීඩියෝවට හිමි සම්මානය හිමිකර ගනිමින් රසික ජනාදරයට පත් සංඛ දිනෙත්ගේ නවතම වීඩියෝව මේ වනවිට එළිදක්වා තිබේ. ඔහුගේ ගීත සඳහා රසික පිරිස් ඇලුම් කරනු ලබන්නේ ඔහු ගීතය තුළ සිදුකරන වෙනස නිසාය.

ගායකයෙකු සහ ගීත නිෂ්පාදකවරයෙකු ලෙස කටයුතු කරන ඔහු සංගීතය පිළිබඳව පුළුල් අවධානයක සිටින පුද්ගලයෙකු ලෙස හැඳින්විය හැකිය. එවැනි ගීත තරුවකගේ අලුත් ගීතයක් "රෑ සිහිනෙන් මා" ගීතය මෙවර තරුණයා New Release on Youtube තුළින් ගෙන ඒමට අපි සිතුවෙමු. ඔහු කාලීන ගීත නිර්මාණ සඳහා දායක නොවන්නේ පවතින රැල්ල පිළිබඳව කිසියම් කැමැත්තක් නැති හෙයිනි. ඔහු විසින් නිර්මාණය කරනු ලබන ගීත රැල්ල අද වනවිට බොහෝ දෙනා අතර කැළෙඹිමෙන් පවතී.

මෙම ගීතයේ ඇති වර්ණ සහ කැමරාකරණය පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර ඇති බවද මෙම වීඩියෝව නරඹන බොහෝ දෙනාට වැටහී යනු ඇත. නවතම ආකාරයේ මියුසික් වීඩියෝවක් වන මෙය සංඛ විසින් ගායනා කරනු ලබන ගීතය සුවිශාල රුකුලක් ලබා දී ඇති බවද කිව යුතුය. මේ සඳහා එක්කර ඇති නර්තයන්ද ගීතයේ රසඥතාව තවත් වැඩි කරන බවද කිව යුතුය.

 

එළිදැක්වූ දිනය - 2016 දෙසැම්බර් 15

ගායනය - ශෂිකා නිසංසලා

පදරචනය - සජිත් වී චතුරංග

සංගීතය - රාජ්

 

2017-01-13-ent-61