සංකේත වර්ජනයෙන් රට පුරා රෝහල් වල වැඩ අඩාළයි


වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් රට පුරා රෝහල් රැසක කටයුතු අඩාල වී ඇත.

නැගෙනහිර පළාතේ එකම ශික්ෂණ රෝහල වන මඩකලපුව රෝහලේ වෛද්‍ය කටයුතු මුළුමනින්ම අඩාල වී ඇති අතර දුර පළාත්වලින් පැමිණි රෝගීන් ආපසු හැරී යන අයුරු දැකිය හැකිය.

බාහිර රෝගී, ප්‍රතිකාර හා බෙහෙත් ලබා දෙන අංශය ඇතුළු සියලු අංශ ක්‍රියා විරහිත නිසා රෝගීහු අපහසුතාවයට ලක්ව සිටිති.

මේ අතර දික්ඔය මූලික රෝහලේ සායන කටයුතු සඳහා පැමිණි බොහෝ පිරිසක් වෛද්‍ය වර්ජනය හේතුවෙන් අපහසුතාවයට පත්වූහ. ඒ අතර වතුකරයේ ජනතාව බොහෝ පිරිසක් වෙති.

DSC_9267 DSC_9297 DSC_9299 DSC_9307

ඡායාරූප - ඉෂාන් සංජීව

02 07

ඡායාරූප - රංජිත් රාජපක්ෂ

S1060007 S1060014

ඡායාරූප - ජවුෆර් ඛාන්
 

20170203_084709_resized[1] 20161130_081511_resized_2[1] 20170203_084834_resized[1] 20170203_085003_resized[1]

ජායාරුප - ප්‍රසාද් රුක්මාල්