සෞදි අරාබියේ වෙසෙන විදේශික ශ්‍රමිකයින් පිළිබඳ නව නීති කිහිපයක් හදුන්වාදීමට පසුගිය බදාදා රැස් වූ සෞදි අරාබිකැබිනට් අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව සෞදි ආරබියේ පලවන පුවත්පත් සඳහන් කරයි.
සෞදි අරාබියානු කම්කරු නීතිය අනුව සියළුම විදේශික හා මෙරටට ගෙන් වූ අදාල සේවා දායකයා හෝ අදාල ආයතනය තුල පමණක් වන අතර අදාල සේවා දායකයා හෝ ආයතනයේ බැහැරව සේවය කිරීම සහ සේවයේ යෙදවීම සපුරා තහනම් කර ඇත.
පුවත් පත පෙන්වා දෙන්නේ නම් සේවා දායකයාගෙන් බැහැරව රැකියාව කරන සියළුම විදේශිකයින් හට කම්කරු නීතිය අනුව ක්‍රියා කරමින් දඩුවම් පමුනුවන බවයි. සේවා දායකයාගෙන් පලාගොස් වෙනත් ස්ථානවල රැකියාව කරන විදේශිය කම්කරුවන් සහ ගෘහසේවිකාවන් හටද මෙම නීතිය ක්‍රියාත්මක කරන බවද එම අමාත්‍යාංශය පවසයි. මහා මර්ගයේ හෝ වෙනත් ස්ථානවල රැදී සිටිමින් එදිනෙදා රැකියාව නොයන යන ශ්‍රමිකයන් ඇතුලූ නීති්‍යානුකූල නොවන විදේශිකයින් අත් අඩංගුවට ගෙන දඩුවම් පමුනුවා මෙරටින් පිටුවහල් කිරිමට පියවර ගන්නා බවද එම පුවත්පත පෙන්වා දෙයි.