ස.තො.ස අහලකවත් නෑ


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගෙන ආ පහතරට එළවළු කිලෝ  පනස් දහසකට අධික ප්‍රමාණයක්  අලෙවි කීරීමට නොහැකිව අද(21) කුණු ගොඩට විසිකළ බව ගොවීහු පැවසුහ.

කැකිරි, පිපිඤ්ඤා, මෑකරල්, වම්බටු, දඹල, බණ්ඩක්කා ආදී පහතරට එළවළු  කුණු ගොඩට දැමුයේ බැකෝ හා ටිපර් ආධාරයෙනි.

මෙම එළවළු  කිලෝව රුපියලකට හෝ  අලෙවි  නොවු බව ගොවීහු  පවසති. බෝහෝ එළවළු දින කිහිපයක් ආර්ථික මධ්‍යස්ථානයේ  ගොඩ ගැසී තිබිණි.

එළවළු ඉවත් කරන කම්කරුවන් කියා සිටියේ  21 අලුයම සිට පස්වරුව දක්වා කිලෝ පනස්දහසට අධික ප්‍රමාණයක් ඉවත් කළ බවයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන  වෙළෙද සංගමයේ  සභාපති යු.බී. ඒකනායක මහතා පැවසුවේ පසුගිය දිනවල ආර්ථික මධ්‍යස්ථානය වසා තැබීම නිසා  වැඩි එළවළු  ප්‍රමාණයක් එකවරම ආර්ථික  මධ්‍යස්ථානයකට  ලැබීමත්  අවුරුද්දෙන් පසු එළවළු  මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන්ගේ  අඩු වීමක් නිසා මේ තත්වය උදා වු බවයි.

 මීට කලින් එළවළු  කිලෝ 40000 ක්  කුණු ගොඩට දැමූ පුවත දුටු ජනපති  සතොස ට නියෝග කළේ  අතිරික්ත එළවළු මිලට ගන්නා ලෙසයි.   එළවළු පිළිබඳ එම නියෝගය දින දහයක් ක්‍රියාත්මක විය.