ෂොහාන් සහ එක්ස්පෙරිමන්ට් පැරීසියේ


අසූව දශකයේ ශ්‍රී ලංකාවේ බිහිවූ ජනප‍්‍රිය ඉංග‍්‍රීසි පොප් ගීත සංගීත කණ්ඩායම් අතර පෙරමුණේ සිටි කණ්ඩායමකි ෂොහාන් සහ එක්ස්පෙරිමන්ට්. අග නගරය කොළඹ සුප‍්‍රසිද්ධ ඔබරෝයි හෝටලයේ රාත‍්‍රි සමාජ ශාලාව එදින සංගීතවත් වුයේ ඔවුන්ගෙනි.

ගැලැක්සි, ඇපල් ග‍්‍රීන්, රිබෙල් චිල්රන්,ජිප්සීස්, සුපර් ගෝල්ඩන් චයිම්ස්, ඩෙස්මන් සහ කැලෑන් , ජෙට් ලයිනර්ස් , එක්ස්ටසි , කැන්සර් , ආදි සංගීත කණ්ඩායම් සමග එකම වේදිකාවේ සංගීත ප‍්‍රසංඟ ඉදිරිපත් කළ ෂොහාන් සමග එක්ස්පෙරිමන්ට් මෙදා පැරීසියේදි සංගීත ප‍්‍රසංගයක් පවත්වයි.

ශ්‍රී ලංකාවේ අසරණ ජනයාගේ සුබ සාධන ව්‍යාපෘතියකට ආධාර පිණිස පැරීසියේ මීගමු සංවිධානය සහ ශ්‍රී ලන්කන් එයාර් ලයින් ගුවන් සමාගම එක්ව ඉදිරිපත් කරන මෙම ප‍්‍රසංගය නොවැම්බර් 23 වැනි ඉරුදින පැරිස් කලාප අංක 15හී පිහිටි බ‍්‍රසිල් ට්‍රොපිකල් ශාලාවේදි සවස 06 ට පැවැත්වේ. පැරීසියේ කලා ආයතන ඉදිරිපත් කරන සංස්කෘතික නර්තන, යෞවනයේ පොපියන සංගීත රටා සමගින් හැඩ ගැන්වෙන බැලැක් ෆොනියැක්ස් සංගීතයෙන්ද එදින සැඳෑව රසවත් වෙතියි සංවිධායකයෝ කියති.

 

Sohan-and-xperiments