ෂුටිං අස්සේ ජොලි කරන 'සිද්ධාර්ත්'


2016-10-27-ent-46

මේ දිනවල චිත්‍රපටයක රූපගත කිරීම් කටයුත්තකට නවසීලන්තයේ සංචාරයක නිරතව සිටින ජනප්‍රිය යොවුන් බොලිවුඩ් සිනමා නළු සිද්ධාර්ත් මල්හෝත්‍රා චිත්‍රපටයේ රූපගත කිරීම් අස්සේ විනෝද සවාරියක් ගොස් තිබෙන බව සඳහන්. මෙම චිත්‍රපටය සඳහා ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි ශ්‍රී ලංකා රූපරාජිණි ජැක්ලින් ෆර්නැන්ඩේස්ද රංගනයෙන් දායක වන අතර, ඇයවද සිද්ධාර්ත් මල්හෝත්‍රා අමතක කොට මෙම විනෝද සවාරියට තමන් ඇතුළු තමාට හිතවත් කිහිප දෙනෙකු සම්බන්ධ කරගෙන තිබෙන බව සඳහන්.

කෙසේ වෙතත්, කාර්යබහුල රූපගත කිරීම් අතරතුරදි සිද්ධාර්ත් මෙසේ විනෝද සවාරියක් යාම පිළිබඳව චිත්‍රපට නිෂ්පාදක මණ්ඩලයේ අකමැත්ත පළ වි තිබෙන බව ‘ද ඉන්දියන් එක්ස්ප්‍රස්’ වෙබ් අඩවිය සඳහන් කර තිබෙනවා. සිද්ධාර්ත් නවසීලන්තයේ වොලින්ටන් හා ක්‍රයිස්චර්ස් නගරවල ඇති සුන්දර ස්ථාන නැරඹීම සඳහා ගොස් තිබෙන අතර, චිත්‍රපටයේ රූපගත කිරීම් කිහිපයක්ම මෙම නගරවලදී සිදු කිරීමට නියමිතයි.

 

2016-10-27-ent-48
2016-10-27-ent-47