සුභාෂ් කපූර් අධ්‍යක්ෂණය කරන 'ජොලී LLB' චිත්‍රපටයේ දෙවැනි කොටස ඇතුළත් චිත්‍රපටයෙහි රූපගත කිරීම් මේ දිනවල ඉන්දියාවේ නවදිල්ලි නගරයේදී සිදුවෙනවා.
ලබන වසරේ පෙබරවාරි 10 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ වීමට නියමිත මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා එක්ව ඇත්තේ ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර්ය. ඔහු සමගින් අනු කපූර් හා හුමා කුරේෂි රංගනයෙන් දායක වෙනවා.
මෙම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් දිනකට ඉන්දීය රුපියල් කෝටියක මුදලක් ආක්ෂේ අය කරන අතර‘, එය බොලිවුඩ් සිනමා නළුවෙකු චිත්‍රපටයක් සඳහා දිනකට අය කරන ඉහළ මුදල ලෙස බොලිවුඩ් සිනමා ඉතිහාසයට එක්වෙනවා.
පසුගිය සති අන්තයේදී මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් අතරතුර චිත්‍රපටයේ අනෙකුත් ශිල්පීන් සමගින් ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේද නිරතව සිටි අතර, එහිදී ගත් ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.