ෂාහිඩ්ගේ දූට නමක්


2016-10-03-ent-97

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ෂාහිඩ් කපූර් හා ඔහුගේ බිරිඳ මීරා රාජ්පුත්ට උපන් දරුවාට පසුගියදා නමක් තැබූ බව ‘කොයි මෝයි’ වෙබ් අඩවිය සඳහන් කරනවා.

මෙම වෙබ් අඩවිය සඳහන් කරන අන්දමට ඔවුන් දෙදෙනාගේ දියණියගේ නමට මිරාගේ ‘මී’ අකුරත්, ෂාහිඩ්ගේ ‘ෂා’ අකුරත් එක්කොට ‘මීෂා’ ලෙස නම තබා තිබෙනවා.

මීට සති කිහිපයකට පෙර උපන් මේ දරුවාට නමක් තැබීමට කාලයක් ගතව තිබුණේ අලුත උපන් දරුවාගේ උපන් නැකතේ දෝෂයක් තිබු හෙයින් බව සඳහන්. මේ දිනවල ෂාහිඩ් කිසිදු චිත්‍රපටයක රූපගත කිරීම් කටයුතුවලට සම්බන්ධ නොවී සිටින අතර, තවත් දින 12ක කාලයකින් පසුව ඔහු සංජය ලීලා බන්සාලිගේ ‘පද්මාවති’ චිත්‍රපටයේ රූපගත කිරීම් සඳහා එක් වන බවට තොරතුරු වාර්තා වෙනවා.

 

2016-10-03-ent-98