ෂාරුක්ට ප්‍රශ්නයක් නැහැලු


2016-11-16-ent-08

ජනවාරි 26 වැනිදා තමාගේ ‘රායිස්’ චිත්‍රපටය තිරගත වන දිනයේදීම තිරගත කිරීමට සැලසුම් කර ඇති රිතික් රෝෂන්ගේ ‘කාබිල්’ චිත්‍රපටය නිසා තමාට අනවශ්‍ය බියක් හෝ ප්‍රශ්නයක් නොමැති බව ‘සන්ටා බන්ටා’ වෙබ් අඩවිය සමග එක්වෙමින් ෂාරුක් පවසා තිබෙනවා.

ෂාරුක් වැඩිදුරටත් මේ සම්බන්ධව අදහස් දක්වමින් පවසා ඇත්තේ, කරන්ගේ ‘ඒ දිල් හයි මුෂ්කිල්’ මෙන්ම අජේගේ ‘ශිවායි’ චිත්‍රපට දෙකම එක දවසේ තිරගත වුවද එම චිත්‍රපට ද්විත්වයම මේ වනවිටත් ඉන්දීය රුපියල් කෝටි 100ක මුදලක් ඉන්දියාවේදීම පමණක් උපයා ගන්නට සමත්ව තිබෙන බවයි.

තමා රඟපෑ ‘ෆෑන්’ චිත්‍රපටයද බොහෝ පිරිසක් අසාර්ථක වුවද එය තමා වියදම් කළ මුදලකට වඩා දෙගුණයක මුදලක් ලාභ ගෙනදුන් චිත්‍රපටයක් බවද ඔහු වැඩිදුරටත් මෙහිදී පවසා තිබෙනවා.

 

2016-11-16-ent-09
2016-11-16-ent-07