මේ දිනවල බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වන "ඩියර් සින්දගී" චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණපොවන ෂාරුක් ඛාන් මේ වසරේ රඟපෑ "ෆෑන්" චිත්‍රපටයේ දෙවැන්නක් නිර්මාණය කිරීමට කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ.
බොලිවුඩයෙන් ලැබෙන ආරංචි මත මෙම චිත්‍රපටය 2018 වසරේදී රූපගත කර එළිදක්වන්නට සූදානම් වෙන බව සඳහන් වේ. එසේම ෂාරුක් ඛාන් 2018 වසරේදී ඔහු රඟපෑ චිත්‍රපටවල දෙවැනි කොටස රැගත් චිත්‍රපට කිහිපයකින්ම හමුවීමට සූදානමින් සිටියි. "ෆෑන්" දෙවැන්නට අමතරව, "රාවන්" දෙවැන්න, "ඩොන්" තුන්වැන්න මෙම චිත්‍රපට වන්නේය.
එමෙන්ම ආරම්භවීමට නියමිත 2017 වසරේදී ඔහු "රායිස්" හා "ද රින්ග්" චිත්‍රපට වලින් පමණක් සිය රසික පිරිස් මුණගැසීමට සූදානමින් සිටියි. "රායිස්" හි මිහිරාද "ද රින්ග්" චිත්‍රපටයේද අනුෂ්කා සමගින්ද ඔහු ප්‍රධාන චරිතවලට දායකව සිටියි.