බොලිවුඩයේ කිං ඛාන් හෙවත් ෂාරුක් ඛාන්ගේ පවුලේ ඡායාරූපයක් පසුගිය දිනක අන්තර්ජාලයට මුදාහැර තිබේ. මෙම ඡායාරූපයේ ෂාරුක් සමගින් බිරිඳ ගෞරි ඛාන් මෙන්ම දරුවන් තිදෙනා වන සුහානා, ආර්යයන් හා අභිරාම්ද පෙනී සිටින අතර, එය කාගෙත් සිත්ගත් ඡායාරූපයක් බවට මේ වනවිට පත්ව ඇත.
අවසන් වරට ෂාරුක් සිය පවුලේ සියලුදෙනා සමගින් ඡායාරූපයක් අන්තර්ජාලයට මුදාහැර තිබුණේ මීට වසර 3කදී බව සඳහන්. එහි ගෞරි, සුහානා හා ආර්යයන්, ෂාරුක් ඛාන් සමගින් පෙනී සිටි අතර, එම ඡායාරූපයේ ෂාරුක් පවුලේ අලුත්ම සාමාජිකයා වූ අභිරාම් නොසිටියේය.
දැනට මෙම ඡායාරූපයට බොහෝ රසික ප්‍රතිචාර හිමිව තිබෙන අතර, අන්තර්ජාලය පුරා වෙබ් අඩවි කිහිපයක්ද මෙම ඡායාරූපය බෙදාගෙන ඇති බවටද තොරතුරු වාර්තා වෙනවා.