කොදෙව් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝ සිය ගායන කුසලතාවය හරහා බොලිවුඩයට සම්බන්ධ වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අනුභාව් සින්හාගේ “තුම් බින් 2” චිත්‍රපටය හරහා මෙසේ පසුබිම් ගායනයට සම්බන්ධ වීමට නියමිත බ්‍රාවෝ, මීට පෙර ගායක අන්කි තිවාරි සමගින් සිය කුළුඳුල් ගායනයට පිවිසුණේය.
මේ පිළිබඳව අදහස් දක්වමින් බ්‍රාවෝ පවසා සිටියේ, තමන්ට දැන් හින්දි භාෂාවේ ඇතැම් වචන හුරු බවත්, බොලිවුඩයේ රජු වන ෂාරුක් ඛාන්‍ගේ නිෂ්පාදනයකට සහභාගි වීමට තමන් කැමැත්තෙන් සිටින බවත්ය.