ඉදිරියේදී තිරගත වීමට නියමිත ෂාරුක් ඛාන්ගේ නවතම චිත්‍රපටය වන "ෆෑන්" චිත්‍රපටය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත. එයට හේතුව වන්නේ එහි විශේෂාකාරයේ රංගනයක යෙදෙන ෂාරුක් සහ ඒ සඳහා දායක වී ඇති නවක තරුව නිසාය. Waluscha de Sousa නම් වූ ඇය ඉන්දියාවේ ඉමහත් ජනප්‍රියත්වයට පත් නිරූපිකාවකි. මෙය ඇයගේ පළමු සිනමා ආගමනයයි. ඇය මේ දිනවල ඇගේ ට්විටර් ගිණුම හරහා "ෆෑන්" චිත්‍රපටය අතරතුරදී ගනු ලැබූ ඡායාරූප පළකර තිබේ. ඇය තම ට්විටර් ගිණුම ඔස්සේ පවසා සිටියේ ඇය රංගනයෙන් දායක වූ පළමු චිත්‍රපටයේදීම ඉන්දියාවේ සුපිරි නළුවෙකු සමග දායක වීමට වරම් ලැබීම බොහෝ සතුටට කරුණක් බවයි.
ෂාරුක් ඛාන් සමග මෙම සිනමාපටයේ රංගනයෙන් දායක වීම සඳහා ඇයට මාස 03ක පුහුණුවක් ලබා දී ඇති බවද කියවේ. කෙසේවුවත් සිය පළමු චිත්‍රපටය සඳහා රසික ප්‍රතිචාරයන් හිමි වීමට ඉඩ ඇති බව ඇගේ විශ්වාසයයි.



