ෂනාලි දකුණු කොරියාවේ ගිහින්


2016-11-01-ent-44

මේ දිනවල ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන නාලන් මෙන්ඩිස්ගේ ‘සල් සපුනා’ ටෙලි නාට්‍යයේ ‘ආලියා’ ලෙස ඔබගේ ආදරය දිනාගත් ෂනාලි වීරසිංහ පසුගිය දිනවල දකුණු කොරියාවේ සංචාරයක නිරතව සිටි බවට තොරතුර වාර්තා වුණා. ඇය එසේ දකුණු කොරියාවේ සංචාරයක නිරතව සිටියේ, ‘මිස් ග්ලෝබල් බියුටි ක්වීන්’ තරගය සඳහායි. රටවල් බොහොමයක තරගකාරියන් රැසක් සහභාගී වී සිටි මෙම තරගය පිළිබඳව ‘සාරවිට’ අපිට ෂනාලි දැක්වුයේ මෙවැනි අදහසකි.

“ඔක්තෝබර් මුල් සතියේ ඉඳලා තමයි මේ තරගාවලිය පැවැත්වුණේ. රටවල් 39ක තරගකාරියන් මේ තරගයට එකතු වුණා. ලංකාවේ රූපරාජිණි තරග කිහිපයකටම මම සහභාගී වෙලා හිටියත් මෙවැනි ජාත්‍යන්තර තරගාවලියකට දායක වුණ පළමු අවස්ථාව මේක. ඉතින් මේ තරගය මට විශේෂ එකක්. හොඳ අත්දැකීම් ලැබුණා. ඒ වගේම මේ තරගාවලියේදී හොඳ මිත්‍රත්වයන් පවා ගොඩ නගාගන්න මට පුළුවන් වුණා. ගොඩක් සතුටුයි මේ වගේ තරගාවලියකට මට සම්බන්ධ වෙන්න ලැබුණ එක ගැන.”

 

2016-11-01-ent-45
2016-11-01-ent-43
2016-11-01-ent-42