ශ‍්‍රී ලංකා රග්බි නායකත්වය නැවතත් යෝෂිතට


ශ‍්‍රී ලංකාවේදී මේ මස 31 වැනිදා ආරම්භ වන ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා රග්බි පිලේ නායකයා ලෙස නාවික හමුදා රග්බි පිලේ නායක යෝෂිත රාජපක්‍ෂ නැවතත් පත්කර තිබේ. මහනුවර ක‍්‍රීඩා සමාජය නියෝජනය කරන ෆාසිල් මරීජා උප නායකයා ලෙස කටයුතු කරයි.

ශ‍්‍රී ලංකාව, කසකස්තානය, තායිලන්තය සහ චීන තායිපේ යන රටවල් සහභාගි වන මෙම තරගාවලිය අපේ‍්‍රල් මස 6 වැනිදා අවසන් වේ.