දකුණු අප‍්‍රිකානු පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු ගේ‍්‍රම් ස්මිත්, වළලූකර ආබාධයකට ලක්ව සිටීම නිසා ලබන මස 6 වැනිදා එංගලන්තයේදී ආරම්භ වන ‘ශූරයන්ගේ කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වීම අවස්ථාව අහිමිවී තිබේ.
ගේ‍්‍රම් ස්මිත් පසුගිය මාස කීපයක සිට වම් පාදයේ වළලූකර ආබාධයකට ලක්ව සිටින අතර ස්මිත් ශල්‍යකර්මයකට යොමු කිරීමට නියමිතව තිබේ. ස්මිත් පෙරේදා (08) ලන්ඩන් නුවරදී ස්කෑන් පරීක්‍ෂණයකට මුහුණදීමෙන් අනතුරුව ශල්‍යකර්මය පිළිබඳ තීරණය ගෙන තිබේ.
මේ වන විට එංගලන්ත ප‍්‍රාන්ත තරගාවලියට සහභාගි වී සිටින ගේ‍්‍රම් ස්මිත් ශල්‍යකර්මය සඳහා නැවත දකුණු අප‍්‍රිකාවට යෑමට නියමිතය.
32 හැවිරිදි ගේ‍්‍රම් ස්මිත් මේ වන විට එක්දින තරග 193 කදී ශතක 10 ක් සහ අර්ධ ශතක 47 ක් සමග ලකුණු 6,942 ක් රැස්කර තිබේ.
(●●)