(දර්ශන ත‍්‍රිකුණාමලයේ සිට ) - ත‍්‍රිකුණාමලය පදවි ශ‍්‍රී පුර යාය 11 - 12 විද්‍යාලීය ක‍්‍රීඩා පිටියේදී නැගෙනහිර පළාත් සභා සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මියගේ පුර්ණ අනුග‍්‍රහයෙන් දිවා රාත‍්‍රී මහා ක‍්‍රිකට් තරගාවලියක් සංවිධානය විය. මෙම තරගාවලිය සදහා පදවි ශ‍්‍රීපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ සාමාජිකයන් 11 කින් යුත් කණ්ඩායම් 20ක් තරග වැදීම සිදු වූ අතර එදින රාත‍්‍රී 9.30ට පමණ ආරම්භවූ අවසන් මහා තරගයට පළුගස්වන්ගුව A කණ්ඩායම සහ යාය 12 සුමිතුරු A කණ්ඩායම තරග වැදුණු අතර එහිදී යාය 10 සුමිතුරු කණ්ඩායම ශුරතාවය දිනාගත්තේය. යාය 10 සුමිතුරු ක‍්‍රීඩා සමාජය සහ යාය 12 මිහිදු සමන් ක‍්‍රීඩා සමාජය විසින් තරගාවලිය සංවිධානය කෙරිණි.