ඉතාලියේ ලිංඥානෝ නුවර සබ්බියාදෝරෝ ගෘහස්ත ක‍්‍රීඩාංගනයේ පැවැති ජාත්‍යන්තර සම්ප‍්‍රදායික කරාටේ ශූරතාවලියෙන් රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනාගැනීමට ඉතාලියේ පදිංචි ශ‍්‍රී ලාංකිකයකු වන ඩබ්ලිව්. ඒ. ඒ සඳුන් ලක්සිරි සමත් විය.
වයස අවුරුදු 18 ත් 35 අතර කිලෝග‍්‍රෑම් 84 අඩු බර පන්තියේ කුම්තේ ඉසව්වෙන් රන් පදක්කම හිමිකරගත් සඳුන් කාතා ඉසව්වෙන් රිදී පදක්කම හිමිකරගැනීමට සමත් විය.
මෙම තරගාවලියට ප‍්‍රංශය, ජර්මනිය, ඕස්ටේ‍්‍රලියාව, ස්විස්ටර්ලන්තය, හංගේරියාව, පින්ලන්තය සහ ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 900 ක් පමණ සහභාගි වූහ. තරගාවලිය පසුගිය සති අන්තයේදී ඉතාලියේ ලිංඥානෝ නුවර සබ්බියාදෝරෝ ගෘහස්ත ක‍්‍රීඩාංගනයේ පැවැත්විණි.
සඳුන් ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු කරාටේ ක‍්‍රීඩකයකු වන අතර ඔහු මේ වන විට ජාත්‍යන්තර කරාටේ විනිසුරුවකු සහ පුහණු කරුවකු ලෙස ඉතාලියේ සේවය කරයි. ඔහු වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.