ගම්පහ වැලිවේරියේදී සිදු වූ රිය අනතුරකින් තුවාල ලැබූ මලල කී‍්‍රඩක චමින්ද විජේකෝන් හා ඔහුගේ පුහුණුකරු මේජර් ලාල් ජයසේකර මහතා ගම්පහ රෝහලට ඇතුළත් කර කරනු ලැබ ඇත.
අද (13 වැනිදා) දහවල් තී‍්‍රරෝද රථයකින් ගමන් කරමින් සිටියදී එම තී‍්‍රරෝද රථය පාරෙන් ඉවතට පැන අනතුරට පත්වීමෙන් ඔවුන් තුවාල ලැබූ බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
මීටර 1500 ඉසව්වේ ජාතික ශූරයා වන චමින්ද විජේකෝන් සාක් හා ආසියානු ශූරතා පදක්කම් දිනූ කී‍්‍රඩකයෙකි. ඔහු ලබන මාසයේදී පැවැත්වෙන ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලියටද සහභාගි වීමට සූදානම්ව සිටින කී‍්‍රඩකයෙකි.
අනතුරෙන් චමින්දගේ නාසයට හා අත්පාවලට තුවාල සිදුවී තිබෙන අතර පුහුණුකරු ජයසේකර මහතාගේ පාදවලට තුවාල සිදුවී තිබේ.