බටහිර ඉන්දීය කොදෙව් සහ ඉන්දියාව අතර පැවැති සෙල්කොන් කුසලාන කි‍්‍රකට් තරගයේදී මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් කොදෙව් නායක ඞ්වේන් බ‍්‍රාවෝට අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තරග තීරක ජෙෆ් ක්‍රෝ මහතා විසින් තරගයක් තහනම් කරනු ලැබ ඇත. මේ නිසා ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ඉරිදා (7 වැනිදා) පෝර්ට් ඔෆ් ස්පේන්හිදී පැවැත්වෙන තරගයට කී‍්‍රඩා කිරීමේ අවස්ථාව ඞ්වේන් බ‍්‍රාවෝට අහිමි වී තිබේ.
නියමිත කාලය තුළදී ඕවරයක් අඩුවෙන් යැවීම නිසා පනවන ලද මෙම තහනමත් සමග ඔහුගේ තරග මුදලින් සියයට 20 ක් දඩ වශයෙන්ද නියම කර තිබේ.