ශී‍්‍ර ලංකාව පීඩනයට ලක්වෙයි
ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (27 වැනිදා) එංගලන්ත පිල ලකුණු 193 කට දවාගත් නමුත් දෙවැනි ඉනිමේදී ලකුණු 84 ට කඩුළු පහක් අහිමිකරගැනීම නිසා ශී‍්‍ර ලංකා පිල තරමක පීඩනයකට ලක්විය. කෙසේ වෙතත් අද සවස තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා පිල එංගලන්තයට වඩා ලකුණු 209 ක් ඉදිරියට පැමිණ සිටියේය.
පළමු ඉනිමේදී ලකුණු 318 ක් ලබාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායමට ලකුණු 125 ක මුල් ඉනිමේ වාසියක් අත්කර දෙමින් රංගන හේරත් ලකුණු 74 කට කඩුලූ 6 ක් දවාගත්තේය.

