ශී‍්‍ර ලංකා ‘ඒ’ සංචිතයට හත් දෙනෙක් එක්වෙති


ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමට නම් කර තිබූ 34 දෙනකුගෙන් යුත් සංචිතයට තවත් ක‍්‍රීඩකයන් 7 දෙනකු ඇතුළත් කිරීමට තේරීම් කමිටුව තීරණය කර තිබේ.

කෞෂාල් සිල්වා, සචිත‍්‍ර සේරසිංහ, ගිහාන් රූපසිංහ, සාලිය සමන්, ඩිල්ෂාන් මුණවීර, ජනක ගුණරත්න සහ බුද්ධික සංජීව යන ක‍්‍රීඩකයෝ හත්දෙනා මෙම සංචිතයට ඇතුළත්ව සිටිති.

කළුතර නාගරික පිල වෙනුවෙන් ‘සරා’ කුසලාන තරගාවලියට සහභාගි වන දකුණතින් වේග පන්දුයවන ක‍්‍රීඩකයකු වන බුද්ධික සංජීව ද මෙම සංචිතයට ඇතුළත් කර තිබේ. කෙසේ වෙතත් සංචිතයට ඇතුළත් කළ වේග පන්දු යවන ක‍්‍රීඩක සාලිය සමන් අද (19) පෙවරුවේ එංගලන්තය බලා පිටත්ව ගිය බවද වාර්තා වේ.

පළමු පෙළ තරගාවලියේ දස්කම් දැක්වූ ක‍්‍රීඩකයන් රැසක් මෙම සංචිතයට ඇතුළත්ව නොමැතිවීම පිළිබඳව ‘කොදෙව් සංචාරයට ‘ඒ’ සංචිතය තේරීමේදී කෞෂාල් - ධනුෂ්ක ගිලවීනයට හසුවෙති’ යනුවෙන් අද (19) ‘ලංකාදීප’ පුවත්පතේ ක‍්‍රීඩා පිටුවේ වාර්තාවක් පළවීමෙන් පසු මෙම ක‍්‍රීඩකයන් හත් දෙනා සංචිතයට ඇතුළත්කර ඇති බව ද දැනගන්නට ඇත.