බටහිර ඉන්දීය කොදෙව්හි තරග සංචාරයක නිරතව සිටින ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමෙන් කී‍්‍රඩකයන් සිවුදෙනකු නැවත සියරට කැඳවීමටත් එක්දින සහ විස්සයි/20 තරගාවලි සඳහා වෙනත් කී‍්‍රඩකයන් පස් දෙනකු බටහිර ඉන්දීය දූපත් බලා පිටත්කර හැරීමටත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුව අද (11 වැනිදා) තීරණය කළේය.
නිල නොවන ටෙස්ට් තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට එක්ව සිටි කෞෂාල් සිල්වා, මාලින්ද පුෂ්පකුමාර, තරිඳු කෞෂාල් සහ ළහිරු ගමගේ දෙවැනි ටෙස්ට් තරගය නිමාවීමෙන් පසු නැවතත් ශී‍්‍ර ලංකාවට පැමිණෙනු ඇත.
ඩිල්රුවන් පෙරේරා, තිලිණ කණ්ඩම්බි, රමිත් රඹුක්වැල්ල, සීක්කුගේ ප‍්‍රසන්න සහ ළහිරු ජයරත්න සීමිත ඕවර තරගාවලි සඳහා ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට එක්වෙති.
ශී‍්‍ර ලංකා ‘ඒ’ සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය හෙට (12 වැනිදා) ආරම්භ වේ.