රෝද පුටු ටෙනිස් කණ්ඩායම් ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරගයකින් ස්පාඤ්ඤ පිල තරග වට 2-1 ක් ලෙස පරාජය කිරීමට ශ්‍රී ලංකා පි සමත් විය. උපාලි රාජකරුණා සහ ගාමිණි දිසානායක දෙදෙනා ශී‍්‍ර ලංකා රෝද පුටු ටෙනිස් පිල නියෝජනය කරති.
මේ මස 20 වැනිදා සිට 26 වැනිදා දක්වා තුර්කියේ ඇන්ටාලියා හිදී පැවත්වෙන මෙම තරගාවලියේදී ජාතීන් 28 නියෝජනය කරමින් කණ්ඩායම් 52 ක් කාණ්ඩ 4 ක් යටතේ තරග වදිති.
එම කාණ්ඩ වලින් පසුගිය වසරේදී පිරිමි අංශයේ ශූරතාව ප‍්‍රංශය විසින්ද, මිශ‍්‍ර කණ්ඩායම් අංශයේ ශූරතාව ඊශ‍්‍රාලය විසින්ද දිනාගන්නා ලදී. කාන්තා සහ කණිෂ්ඨ අංශ වල පසුගිය වසරේ ශූරයන් වන්නේ නෙදර්ලන්තයයි.
තරග ප‍්‍රතිඵල
- උපාලි රාජකරුණා විසින් අල්වාරෝ ඉලොබ්රේ පරාජය කරන ලදී. (6-1), (6-1)
- රොබර්ටෝ චැමිසෝ සහ අල්වාරෝ ඉලොබ්රේ විසින් උපාලි රාජකරුණා සහ ගාමිණි දිසානායක පරාජය කරන ලදී. (6-4), (6-0)
- ගාමිණි දිසානායක විසින් මාර්ටින් වැරේලා පරාජය කරන ලදී. (6-1), (6-2)
(*)