ශී‍්‍ර ලංකා යොවුන් පිල එක්දින තරගාවලිය ජයගනී


බංග්ලාදේශ වයස 19 න් පහළ පිලට එරෙහිව බංග්ලාදේශයේදී පැවැති තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය 3-2 ක් ලෙස ජය ලැබීමට ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ සමත් වූහ. ඩකාහිදී ඊයේ (29) පැවැති පස්වැනි සහ අවසන් තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් පිල ලකුණු 62 ක පහසු ජයක් ලැබීය.

අද පැවැති තරගයේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් රොෂාන් අනුරුද්ධ පන්දු 78 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 51 ක් රැුස්කරමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. රොෂාන් අනුරුද්ධ කැලණිය ගුරුකුල විදුහලේ කී‍්‍රඩකයෙකි. අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලෙන් ශී‍්‍ර ලංකා යොවුන් පිලට එක්වූ රමේෂ් මෙන්ඩිස් ලකුණු 24 කට කඩුලූ 3 ක් දවා ගනිමින් නැවතත් පන්දුවෙන් දස්කම් දැක්වීය.  

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල  ඕවර 46.4 කදී සියලූ දෙනා දැවී 185
(මිනෝද් භානුක 37, කුසල් මෙන්ඩිස් 13, දිනුක් වික‍්‍රමනායක 32, රොෂාන් අනුරුද්ධ 51, රමේෂ් මෙන්ඩිස් නොදැවී 17, රිෆාට් ප‍්‍රදාන් 29/3)

බංග්ලාදේශ වයස 19 න් පහළ පිල  ඕවර 36 කදී සියලූ දෙනා දැවී 123
(මෙහෙඞ්ලි හසන් 37, බිනුර ප‍්‍රනාන්දු 17/2, රමේෂ් මෙන්ඩිස් 24/3)