ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ගේ අයි. පී. එල්. දස්කම් මොටවෙයි


ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි.පී.එල්) 6 වන අදියර සදහා ශී‍්‍ර ලංකා ක‍්‍රීඩකයින් 11 දෙනෙකු සහභාගි වූවද ඔවුන්ගේ  දුර්වල ක‍්‍රීඩා විලාසය හේතුවෙන් වැඩි වශයෙන් ඔවුන්ට සිදුවූයේ තරග කිරීමට නොව විෙවිකාගාරයටවී තරග නරඹන්නන් බවට පත්වන්නටය.

මහේ්ල ජයවර්ධන (15), තිසර පෙරේරා (15), ලසිත් මාලිංග (15), හා ඇන්ජලෝ මැතිව්ස් (11) යන ක‍්‍රීඩකයන් පමණක් තරග 10කට වඩා සහභාගී වු අතර අනෙකුත්  ක‍්‍රීඩකයින්ට බොහෝ අවස්ථාවන්හිදී කණ්ඩායමේ ස්ථානය අහිමි වූවා පමණක් නොව කුමාර් සංගක්කාරට සහ ඇන්ජලෝ මැතිව්ස්ට නායකත්වය පවා අහිමි වියග

මෙවර අයි. පී. එල්. තරගාවලියේදී ලසිත් මාලිංග දවාගත්තේ කඩුලූ 17 ක් පමණක් වුවද අදියර 6 ක් දක්වා පැවැති අයි. පී. එල්. තරගාවලි ඉතිහාසයේ කඩුලූ 100 ක් දවාගත් පළමු පන්දු යවන්නා බවට පත්වීමට ලසිත් මාලිංග සමත් විය.

චෙන්නායි පිල වෙනුවෙන් කී‍්‍රඩා කිරීමට නියමිතය සිටි නුවන් කුලසේකර සහ අකිල ධනංජය එකම තරගයකට හෝ සහභාගි නොවූ අතර ලසිත් මාලිංග, තිසර පෙරේරා සහ මහේල ජයවර්ධන චෙන්නායි නුවරදී පැවැති තරග වලට පමණක් සහභාගි නොවූහ.

මෙවර අයි. පී. එල්. තරගාවලියට සහභාගි වූ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ගේ දස්කම් පහත පරිදි වෙයි.

ශී‍්‍ර ලාංකික පිතිකරුවන්ගේ දස්කම්

කී‍්‍රඩකයා / කණ්ඩායම තරග ලකුණු පන්දු  තරගයක ලකුණු සාමාන්‍ය උඩ පන්දු
මහේල ජයවර්ධන
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස්
15 331 313 22.07 4
තිසර පෙරේරා
සන්රයිසර්ස් හයිද්‍රබාද්
15 222 157 14.80 5
ඇන්ජලෝ මැතිව්ස්
පූනේ වොරියර්ස්
11 169 139 15.36 5
කුමාර සංගක්කාර
සන්රයිසර්ස් හයිද්‍රාබාද්
9 120 136 13.33 3
තිලකරත්න ඩිල්ෂාන්
රෝයල් චැලෙන්ජර්ස්
5 76 93 15.20 2
ජීවන් මෙන්ඩිස්
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස්
3 23 27 7.67 2
කුසල් ජනිත්
රාජස්ථාන් රෝයල්ස්
2 14 13 7.00 0
සචිත‍්‍ර සේනානායක
කොල්කටා නයිට් රයිඩර්ස්
8 10 17 1.25 2
ලසිත් මාලිංග
මුම්බායි ඉන්දියන්ස්
14 9 14 0.64 3
අජන්ත මෙන්ඩිස්
පූනේ වොරියර්ස්
3 2 4 0.67 0
මුත්තයියා මුරලිදරන්
රෝයල් චැලෙන්ජර්ස්
6 0 0 - 1

 

ශී‍්‍ර ලාංකික පන්දු යවන්නන්ගේ දස්කම් 

කී‍්‍රඩකයා / කණ්ඩායම තරග කඩුලු ලකුණු කඩුල්ලක සාමාන්‍ය
තිසර පෙරේරා
සන්රයිසර්ස් හයිද්‍රබාද්
15 19 464 24.42
ලසිත් මාලිංග
මුම්බායි ඉන්දියන්ස්
15 17 403 23.71
සචිත‍්‍ර සේනානායක
කොල්කටා නයිට් රයිඩර්ස්
8 9 209 23.22
ඇන්ජලෝ මැතිව්ස්
පූනේ වොරියර්ස්
11 5 240 48.00
මුත්තයියා මුරලිදරන්
රෝයල් චැලෙන්ජර්ස්
6 3 177 59.00
අජන්ත මෙන්ඩිස්
පූනේ වොරියර්ස්
3 2 78 39.00
ජීවන් මෙන්ඩිස්
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස්
3 1 36 36.00