ශී‍්‍ර ලංකා - ලෙබනන් තීරණාත්මක ටෙනිස් තරගය 5 දා සිට


ඬේවිඞ් කුසලාන ටෙනිස් තරගාවලියේ II වැනි කාණ්ඩයෙන් තරග කරන ශ‍්‍රී ලංකාව සහ ලෙබනනය අතර තීරණාත්මක තරගයක් අද (5 වැනිදා) සිට 7 වැනිදා දක්වා ලෙබනනයේ දී පැවැත්වේ.

හර්ෂණ ගොඩමාන්න, රජීව් රාජපක්ෂ, දිනේෂ්කාන්තන් තංගරාජා සහ අම්රේෂ් ජයවික‍්‍රම ශ‍්‍රී ලංකා පිල නියෝජනය කරති. කී‍්‍රඩා නොකරන නායකයා වන රොහාන් ද සිල්වා විසින් ශ‍්‍රී ලංකා පිල මෙහෙයවනු ලබයි.

මෙම තරගාවලියේ මීට පෙර පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේදී ශී‍්‍ර ලංකා පිල පරාජය වූ හෙයින් II වැනි කාණ්ඩයේ තවදුරටත් රැඳී සිටීමට නම් ශී‍්‍ර ලංකා පිල ලෙබනනයට එරෙහි තරගය ජයගත යුතුය. නැතහොත් III වැනි කාණ්ඩයට පහළ වැටෙනු ඇත.

තරග කාල සටහන
අපේ‍්‍රල් 05 -: බසාමි බිදාස් සහ දිනේෂ්කාන්තන් තංගරාජා අතර කේවල තරගය
           - කරීම් අලාලි සහ හර්ෂණ ගොඩමාන්න අතර කේවල තරගය

අපේ‍්‍රල් 06 -: බසාමි බිදාස්/චුක්රි සහ හර්ෂණ ගොඩමාන්න/රජීව් රාජපක්ෂ අතර යුගළ තරගය

අපේ‍්‍රල් 07 -: බසාමි බිදාස් සහ හර්ෂණ ගොඩමාන්න අතර කේවල තරගය
           - කරීම් අලාලි සහ දිනේෂ්කාන්තන් තංගරාජා අතර කේවල තරගය