බටහිර ඉන්දීය කොදෙව්හි තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් අතර තරගය හෙට (28) ජැමෙයිකාවේ කිංග්ස්ටන්හි ‘සබීනා’ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. දිවා මෙම තරගයක් වන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට රාත‍්‍රි 8.00 ට ආරම්භ වීමට නියමිතය.
මෙම තරගාවලියට සත්කාර බටහිර ඉන්දීය කොදෙව් පිලට අමතරව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සහභාගි වෙති.
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් දෙකම එංගලන්තයේදී පැවැති ‘ශූරයන්ගේ කුසලාන’ තරගාවලියෙන් පසුව සහභාගි වන පළමු තරගය මෙයයි. ශී‍්‍ර ලංකා කණ්ඩායමක් සබීනා පිටියේදී එක්දින තරගයකට සහභාගි වන දෙවැනි අවස්ථාවද මෙය වෙයි.
මීට පෙර ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම කී‍්‍රඩාංගණයේදී එක්දින තරගයකට සහභාගි වූයේ 2007 ලෝක කුෂලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේදී නවසීලන්ත පිලට එරෙහිවය.
ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ආබාධයකට ලක්වූ ජ්‍යෙෂ්ඨ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්ගේ සේවය ශ්‍රී ලංකා පිලට මෙම තරගාවලියේදී අහිමිවී ඇති අතර එම ස්ථානයට තවත් ජ්‍යෙෂ්ඨ ආරම්භක පිතිකරුවකු වන උපුල් තරංග කැඳවා තිබේ.
ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි වූ ප‍්‍රවේගකාරි පිතිකරුවකු මෙන්ම තුන් ඉරියව් ක‍්‍රීඩකයකුද වන තිසර පෙරේරා වෙනුවට පිට දඟ පන්දු යවන අජන්ත මෙන්ඩිස් මෙම සංචාරයට එක්ව සිටියි.
ශූරයන්ගේ කුසලාන තරගාවලියේ කී‍්‍රඩා කළ බටහිර ඉන්දීය කොදෙව් පිලෙන් ප‍්‍රවීණ පිතිකරු රැුම්නරේෂ් සර්වාන් සහ ජේසන් හෝල්ඩර් ඉවත්කර තිබේ.
තරග කාලසටහන
- ජූනි 28 . ශ්‍රී ලංකාව සහ බ. ඉ. කො. අතර ජැමෙයිකාහිදී
- ජූනි 30 . ඉන්දියාව සහ බ. ඉ. කො. අතර ජැමෙයිකාහිදී
- ජූලි 02 . ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ජැමෙයිකාහිදී
- ජූලි 05 . ඉන්දියාව සහ බ. ඉ. කො. අතර ටි‍්‍රනිඩෑඞ්හිදී
- ජූලි 07 . ශ්‍රී ලංකාව සහ බ. ඉ. කො. අතර ටි‍්‍රනිඩෑඞ්හිදී
- ජූලි 09 . ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටි‍්‍රනිඩෑඞ්හිදී
- ජූලි 11 . අවසන් මහ තරගය ටි‍්‍රනිඩෑඞ්හිදී

