ශිෂ්‍යත්ව විභාගයේ වෙනසක් නෑ


ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර දෙක එක් ප්‍රශ්නපත්‍රයක් බවට පත්කිරීමට කලින් ගෙන තිබූ තිරණය වාහම වෙනස් කළ බවත් 2015 වර්ෂයේ දී පෙර පැවති ආකාරයෙන් ප්‍රශ්න පත්‍ර දෙකකින් ශිෂ්‍යත්ව විභාගය පවත්වන බවත් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා කීවේය. පසුගිය රජයෙන් තනි ප්‍රශ්නපත්‍රයක් ලබාදීමට ගත් තීරණය අනුව පළාත් අධ්‍යාපන කාර්යාලවලින් ලැබුණු නව උපදෙස් නොසළකා හරිමින් කටයුතු කරණ ලෙස ද අමාත්‍යවරයා පවසයි. ශිෂ්‍යත්වය පෙරපරිදි පැවැත්වීමට තීරණය කළේ දෙමාපියන්ගෙන් හා ගුරුවරුන්ගෙන් ලැබුණු ඉල්ලීම් සළකා බලා බවත් ඉදිරියේ දී ශිෂ්‍යත්වය ගැන තීරණයක් ගන්නා බවත් ඇමති කීවේය.