(රෝෂන් තුෂාර)
ජනතා විමුක්ති පෙරමුණේ නව ශිෂ්‍ය ව්‍යාපාරයට අයත් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් කීපයක් කොළඹ බෞද්ධාලෝක මාවත ඇතුළු තදාසන්න මාර්ගයන්හි ක්‍රියාත්මක කරන උද්ඝෝෂණය වළක්වන වාරණ ආඥාවක් නිකුත් කරන්නැයි කුරුදුවත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද(05) ප්‍රතික්ෂේප කළේය.
ප්‍රතිවිරුද්ධ අදහස් දැක්වීමේ අයිතිය හා නිදහසේ රැස්වීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන වගන්තියෙන් තහවුරු කර ඇති බවත්,එම මූලික මිනිස් අයිතිවාසිකම් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වගන්තියට යටපත් කළ නොහැකි බව සඳහන් කරමින් එම නියෝගය නිකුත් කළේය.
කුරුඳු වත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක සේනානායක මහතා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අතර ,පොලිස් සැරයෙන් සමන් රාජපක්ෂ මහතා අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීය.
ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු, මහා ශිෂ්‍ය සංගමයේ සභාපති,පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති,කොළඹ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හා මොරටුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති, විත්තිකරුවන් කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේය.

