(පුෂ්පකුමාර ජයරත්න සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
නාරම්මල ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක දහවන වසරේ ඉගෙනුම ලබන සිසුවියන් හය දෙනකු විෂවර්ගයක් ශරීර ගත වීමෙන් නාරම්මල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි නාරම්මල පොලීසිය පවසයි.
පානීය ජල බෝතල්වලට කිසියම් විෂ ද්‍රව්‍යක් කලවම් කර ඇති බවට මේ වන විට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය පවසයි.
පාසලේ සවිකර ඇති ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙලිකර ගෙන ඇත.
මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක කරන සිසුවියද එම පාසලේ දහවන වසරේ ඉගෙනුම ලබන අතර ඇය ද රෝගී වී රෝහල් ගත කර ඇත.
එම විදුහලේ ශිෂ්‍ය නායක පදවිය සඳහා ඇතිවී තිබෙන තරඟයක් මෙම සිදුවීමට පාදක වූයේ දැයි පොලිසිය සැකකරයි
ජලයට මිශ්‍රවී ඇති වල් නාශකය එතරම් ප්‍රබල නොවීම හේතුවෙන් සිසුවියන්ගේ ජීවිතවලට අනතුරක් වී නැති බව පොලීසිය පවසයි.
-----------------------------------------------------------------------
( ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කුලියාපිටිය නාරම්මල ප්‍රදේශයේ පිහිටි කනිෂ්ඨ විද්‍යාලයක සිසු දරුවන් හය දෙනෙකුගේ ජල බෝතල් වලට කිසියම් වස වර්ගයක් මුසුවීම නිසාඑම ජලය පාලනය කළ එම සිසුන් හය දෙනා නාරම්මල රෝහලට ඇතුළත් කර ඇතැයි නාරම්මල පොලීසිය පවසයි.
ඔවුන්ගේ ජල බෝතල් වලට කිසියම් වස වර්ගයක් කවුරුන් හෝ මුහු කර ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි නාරම්මල පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

