ශිවන්ත ප්‍රනාන්දු කියන්නේ සංගීත තුළ අලුත් මුහුණුවරක් සෑමවිටම සොයා ගිය කෙනෙකු ලෙස හැඳින්වීමට පුළුවන්. ඉතිං එවැනි ගායන ශිල්පියෙකුගෙන් බොහෝ විට ඔහුගේ රසිකයන් සෑමවිටම බලාපොරොත්තු වන්නේ නවමු ගීතමය වෙනසක්. ඒ වෙනස් වෙනුවෙන් මෙවර නත්තල සඳහා ඔහුත් සමග මීනා ප්‍රසාදිනී ඇතුළු තවත් ශිල්පීන් කිහිප දෙනෙක් එකතුව අකපෙලා ශෛල්‍යයට නත්තල් ගීතයක් කර තිබෙනවා. මේ ඒ පිළිබඳව ශිවන්ත ප්‍රනාන්දු පැවැසුවේ මෙවැන්නකි.
“අපි හැමෝම හොඳට අහලා තියෙන පැරණි කැරොල් ගීත කිහිපයක කොටස් කීපයක් එකතු කරලා හදපු විනාඩි තුන හතරක ගීතයක්. ඒ වගේ දේවල්වලට ඉංග්‍රීසියෙන් කියනවා Christmas Medley කියලා. ඒකේ විශේෂත්ව තමයි ඒ සඳහා සංගීත ලබාගන්නෙ කටහඬවල් භාවිතයෙන් පමණයි. අකපෙලා විදිහට තමයි මේ ගීත කිහිපය කරලා තියෙන්නේ. අවුරුදු දෙක තුනකට කලින් කරපු Medley එකක්. මේ පාර ඒකට වීඩියෝවක් කරලා එළිදැක්වූවා. මේ ගීතය ගායනා කරන්නේ මමයි, මීනා ප්‍රසාදිනි, චන්දුමාල් ප්‍රනාන්දු, දිලීප මංගල තමයි ප්‍රධාන වශයෙන් මේ සඳහා දායක වෙන්නේ. ඊට අමතරව ශ්‍රීමන්ත පෙරේරා ඇතුළු පල්ලිවල ගායනා කරන ළමයි කිහිප දෙනෙක් මේ සඳහා දායක වෙලා තියෙනවා.”